Spiralation Application
Spiralation වැඩසටහන සඳහා නව අයදුම්පත් භාර ගැනීම ආරම්භ වේ
තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ නවෝත්පාදකයින්ට ආරම්භක අවධියේ සිට ඉදිරියට ඒමට දිරිමත් කරන හා අනුග්‍රහය දක්වන Spiralation වැඩසටහන සඳහා 2023 වසර වෙනුවෙන් නව අයදුම්පත් භාර ගැනීම මේ වන විට ආරම්භ කර ඇත.
https://bit.ly/Spiralation2023 සබැඳිය ඔස්සේ සම්බන්ධ වෙමින් අයදුම්පත් යොමු කළ හැකි අතර අයදුම්පත් භාර ගැනීම මෙම මස 29 වැනි දායින් අවසන් වේ.
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විසින් මෙම Spiralation වැඩසටහන සංවිධාන කරනු ලබන අතර එය ආරම්භ කරන ලද්දේ 2010 වසරේ දී ය.
මෙම Spiralation වැඩසටහන සඳහා එක් වන නවෝත්පාදකයින්ට තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ ඉදිරියට ඒමට එම වැඩසටහන මහත් අත්වැලක් වී තිබෙන අතර එම ක්ෂේත්රයේ නවෝත්පාදකයින්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් මෙරට ක්‍රියාත්මක වැඩසටහන් අතරේ Spiralation වැඩසටහනට හිමි වන්නේ ප්රමුඛ ස්ථානයකි.
Spiralation වැඩසටහන මඟින් නව්‍ය ව්‍යාපාරිකයින් (Startup) දැනුවත් කිරීම්, නව ව්‍යවසායකයන් හඳුනා ගැනීම, වෙළෙඳපොළ අවස්ථා උදා කර දීම, නව්‍ය ව්‍යාපාරිකයින් (Startup) සඳහා අරමුදල් සැපයීම, සහ උපදේශනය මඟින් ආරම්භක පරිසර පද්ධති (Startup ecosystems) සංවර්ධනය සඳහා සහාය දක්වයි.
Spiralation වැඩසටහන යටතේ මේ දක්වා සවිබල ගැන්වූ නව තොරතුරු තාක්ෂණ නවෝත්පාදකයින් ගණන 130 ඉක්මවා ඇත.
Spiralation වැඩසටහන යටතේ සාර්ථක වන නවෝත්පාදකයින්ට Spiralation Demo Day වැඩසටහන හා එක් වීමට අවස්ථා උදා වන අතර එහි විශේෂත්වය වන්නේ ඔවුන්ගේ නවෝත්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ දක්වා ගෙන යෑමට අවකාශ සැලසීමයී.
තාක්ෂණික අධ්‍යාපන, ඉ-වාණිජ්‍ය , බ්ලොක් චේන් , ක්ලීන් ටෙක්, රොබෝ තාක්ෂණය, අධ්‍යාපනික පරිගණක ක්‍රීඩා ඇතුළු ක්ෂේත්‍ර යටතේ ඉකුත් 2022 Spiralation වැඩසටහන සඳහා ඩිජිටල් තාක්ෂණික නවෝත්පාදන විසඳුම් ඉදිරිපත් කර තිබිණි.
Spiralation Demo Day මඟින් ඇගයීමට ලක් වු තාක්ෂණික නවෝත්පාදන සමාගම් වන්නේ Ace Academy, One Smart Bee, Perks, X-Fly (Qubebots), Study Buddy Zone, Micro Rewards සහ Zerotrash වේ.
ඊට අමතරව එදින 2022 Spiralation වැඩසටහන සම්පුර්ණයෙන් නිමා කළ තාක්ෂණික නවෝත්පාදන සමාගම් 15 ක් ඇගයීමට ලක් කෙරිණි. එම ඇගයීමට ලක් වු නවෝත්පාදන සමාගම් වන්නේ Ace Academy Holdings (Pvt) Ltd, CircuitBreakers Robotics (Pvt) Ltd, EDUS Lanka (Pvt) Ltd, Stag Space (Pvt) Ltd, I 2 C Associates (Pvt) Ltd, Sanasuma Healthcare (Pvt) Ltd, Shopbook (Private) Ltd, Qubebots (Pvt) Ltd, Vibhava Solutions (Pvt) Ltd, AgGen (Pvt) Ltd, Fintech Digital (Pvt) Ltd, GreenChain (Pvt) Ltd, Lawganizer (Pvt) Limited, Ma Baby Digital (Pvt) Ltd, Crossborder Payments (Pvt) Ltd, OneSmartBee (Pvt) Ltd, සහ Turtty's Educational Services (Pvt) Ltd වේ.
Spiralation වැඩසටහනෙහි උපායමාර්ගික සහකරු වශයෙන් බ්‍රැන්ඩික්ස් ලංකා ආයතනය කටයුතු කරන අතර මෙවර පවත්වන ලද Spiralation Demo Day වැඩසටහන සඳහා ප්‍රධාන අනුග්‍රහයකයා වශයෙන් කටයුතු කරනු ලැබුවේ Bug Zero සමාගම වේ.