ATM එකෙන් මුදල් ගන්නකොට සහ අන්තර්ජාලය හරහා යමක් මිල දී ගන්නකොට අපගේ පෞද්ගලික තොරතුරු ආරක්ෂා වෙන්නේ කොහොමද කියලා ඔබ දන්නවද?
27 Nov 2023
එය වෙන්නෙ Encryption වල සහයෝගයෙනි. තොරතුරුවල ඇත්ත තේරුම සඟවමින් Secret Codes බවට වෙනස් කිරීමෙන් තමයි අපේ පෞද්ගලික තොරතුරු ආරක්ෂා වෙන්නේ.
Encryption වලින් ලැබෙන තවත් වාසි කිහිපයක්.
- සත්‍ය බව සහතික කිරීම (Authentication): පණිවිඩයේ මූලාරම්භය තහවුරු කරයි.
- රහස්‍ය භාවය: පණිවිඩයේ අන්තර්ගතය කේතනය (Encode) කරයි.
- ප්‍රතික්ෂේප නොකිරීම: යවන්නන් තමන් එවූ සංකේතාත්මක (Encrypted) පණිවිඩය යැවූ බවට ප්‍රතික්ෂේප කිරීම වළක්වයි.
- අඛණ්ඩතාව: යැවූ දා සිට අන්තර්ගතය වෙනස් කර නොමැති බව ඔප්පු කරයි.
ඔබ එදිනෙදා කටයුතු කිරීමේ දී Encryption භාවිත වන බව ඔබ දැන සිටියේ නැහැ නේද? මෙයින් කරන්නෙ ඔබේ පෞද්ගලික තොරතුරුවල තේරුම වෙනස් කරමින් අදාළ පාර්ශවයන්ට පමණක් එහි මුල් තොරතුරුවලට ප්‍රවේශ වීමට හැකියාව ලබා දීමයි.